අත්අඩංගුවේ සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් තත්ත්වය සහ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් අද (අගෝස්තු 26) අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.
මෙම හමුවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ. ඔවුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ වත්මන් තත්ත්වය පිළිබඳව මෙන්ම රටේ පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව ද මහ නාහිමියන් සමඟ සාකච්ඡා කර තිබේ.
අවසානයේදී, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වීම සඳහා උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම ද මෙහිදී සිදු විය.