මෙම වසරේ අගොස්තු මාසයේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ හැටහය දහසේ සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.
ඒ අනුව, මෙම මාසයේ මේ දක්වා සංචාරකයින් 166,766 ක් මෙරටට පැමිණ තිබේ.
ඉන් වැඩිම සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 38,456 කි.
ඊට අමතරව මහා බි්‍රතාන්‍යය, ඉතාලිය, ජර්මනිය සහ චීනය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි මුලු සංචාරකයින් සංඛ්‍යාව 15,305,054 කි.