දේශීය සෙරමික් කර්මාන්තය මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳ අදහස් හා යෝජනා විමසීමට ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) පස්වරුවේ පැවැත්වුණා.
මෙහිදී කර්මාන්තශාලා හිමියන් හා දේශීය ව්‍යාපාරිකයින් එක්වූ අතර, අපනයන ආදායම වැඩි කිරීම, දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීම සහ නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
විශේෂයෙන් ටයිල්, නානකාමර උපකරණ සහ සනීපාරක්ෂක භාණ්ඩ ආදිය ඇතුළු සෙරමික් නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ආරක්ෂා කිරීම පිළිබඳ තීරනාත්මක සංවාද පැවැත්වුණා.
ජනපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, ගුණාත්මක හා ප්‍රමිතියෙන් යුත් දේශීය සෙරමික් නිෂ්පාදන ජනතාවට සාධාරණ මිලකට ලබාදීම සඳහා රජය ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බවයි.