යාපනය දිස්ත්‍රික්කයේ විවාහ අපේක්ෂාවෙන් සිටි යුවළවල් 108ක් ඊයේ (28) යාපනය, සෙල්වසන්නිදි කෝවිලේදී එකම නැකතකදී විවාහපත්වීම සිදු කරනු ලැබිණි.
එම දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල්වල විවාහ අපේක්ෂාවෙන් සිටි යුවළවල් 108ක් එලෙස නැකතට තැල්ල බැදීමේ චාරිත්‍රය සිදුකරමින් විවාහ වීම එහිදී සිදුකෙරී ඇත.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක පදිංචිව සිටි විවාහ අපේක්ෂිත යුවළවල් පිරිසක් එලෙස එකම කෝවිලකදි, හින්දු චාරිත්‍රානුකූලව විවාහපත් වීම එහිදී සිදු කර ඇත.