ඊයේ (03) රාත්රී සිදුවූ මෙම සිද්ධියෙන් තිස්සමහාරාම පොලිසියට අයත් ජංගම මුර සංචාර ජිප් රථයක් සොරුන් විසින් රැගෙන ගොස් තිබේ. පසුව එම ජිප් රථය කිලෝමීටර් දෙකක් පමණ දුරකින් අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී සොයාගෙන තිබේ.
අදාල මුර සංචාර රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් 4 දෙනා 119 හදිසි ඇමතුමකට පිළිතුරු දීමේ අරමුණින් පැමිණිලි ස්ථානයට ගොස් ඇති අතර, ඒ අවස්ථාවේදී ජිප් රථය එන්ජිම ක්රියාත්මකව තිබී ඇත. එම අවස්ථාවේ මෙම පැහරගැනීම සිදු වී ඇත.
ජිප් රථය සොරකම් කළ ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරකින්, එන්ජිම ක්රියා විරහිත කර දමා ගොස් තිබියදී පොලීසියට හමුවී ඇත. වාහනයේ යතුර ද එහි එංජිම පණගැන්වූ ස්ථානයේ තිබී ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ විමර්ශන තවදුරටත් ක්රියාත්මක වේ.
ජිප් රථය එන්ජිම ක්රියාත්මක කර අතහැර දමා ගිය එහි රියදුරුට එරෙහිව විනය ක්රියාමාර්ග ගැනීමටද කටයුතු කර තිබේ.