ඇල්ලේ මාරක බස් අනතුරින් ජීවිතක්ෂයට පත් සියලුදෙනාගේ අවසන් කටයුතු තංගල්ල නගර සභාව හා තංගල්ල වෙළඳ සංගමයේ අනුග්රහයෙන් සිදුකිරීමට කටයුතු කරමින් පවතින බව තංගල්ල නගරාධිපති නන්දසිරි පරණපල්ලියගුරුගේ මහතා නිවේදනය කළේය.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වනවිටත් බදුල්ල රෝහලේ සිදුවෙමින් ඇති අතර, අද (05) රාත්රියේ දේහයන් තමන්ගේ නිවෙස්වලට භාරදෙනු ඇති බවත් නගරාධිපතිවරයා පැවැසීය.
එමඟින් අවමගුල් කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් අද රාත්රියේදී මියගිය අයගේ පවුල්වල සාමාජිකයින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.
මියගිය සියලුදෙනාගේ අවසන් කටයුතු එක දිනයක සිදු කිරීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත අතර, ඊට අදාළව සියලුම දේහයන් තංගල්ල නගර සභාවට පැය දෙකකට පමණ ගෙනයන බව ද නගරාධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කර ඇත.