මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අඟුණකොළපැලැස්ස, තලාව පදිංචි සම්පත් මනම්පේරි නැමැති සාමාජිකයාගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවා ඇත.
පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ. පක්ෂය මෙවැනි චෝදනාවලට ලක්වන සාමාජිකයන්ට කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බව ඔහු එහිදී අවධාරණය කළේය.
මෙම චෝදනාව ඉතා බරපතළ එකක් බවත්, අදාළ පරීක්ෂණ ඉක්මනින් අවසන් කර සත්‍ය තත්ත්වය ජනතාවට හෙළිදරව් කරනු ඇතැයි පක්ෂය බලාපොරොත්තු වන බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.