පලාත් සභා මැතිවරණය නැහැ

සීමානීර්ණ වැඩ කටයුතු අවසන් වන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ඒ අනුව ලබන වසර තුළදී නව සීමානිර්ණ කටයුතු අවසන් කර පළාත් සභා මැතිවරණය පවත්වන බව ඒ මහතා සඳහන් කළේය.

යාපනයේ ඊයේ ( 07 ) පැවති වැඩසටහනකට එක්වෙමින් මේ බව අනාවරණය කළ ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ පළාත් සභා මැතිවරණය ජාතික ජන බලවේගයට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවයි.

සීමා නිර්ණය ක්‍රියාවලිය අවසන් වූ පසු පළාත් සභා මැතිවරණය පවත්වන බව ශ්‍රී ලංකා රජය මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත ද ලිඛිත දැනුම් දී මක් කර තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල් දැමූ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පැවති ආණ්ඩු වලට එම ආණ්ඩු හිතාමතා පළාත් සභා මැතිවරණය කල් දමන බවටයි.

කෙසේ නමුත් වත්මන් විපක්ෂය චෝදනා කරන්නේ පළාත් සභා මැතිවරණයට මුහුණ දීමට ආණ්ඩුවට ශක්තියක් නොමැති නිසා ඉතා සැලසුම් සහගතව ආණ්ඩුව එය කල්දැමීමට කටයුතු කර ඇති බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart