T-56 ගිනිඅවි සමඟ දෙදෙනෙක් මාට්ටු

කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත, පානදුර දකුණ පොලිස් වසමේ අරුක්ගොඩ ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇති අතර, එම වැටලීමේදී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 200ක්, ජංගම දුරකථන 07ක් හා යතුරු පැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් පමණ වන, අරුක්ගොඩ, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවය.

මෙම සැකකරු 2025 ජූලි 11 වන දින හිරණ පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සහ, 2025 මැයි 25 වන දින පිංවත්ත පොලිස් වසමේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දී ඇති බව සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී හෙළි වී තිබේ.

2025 සැප්තැම්බර් 07 වන දින රාත්‍රියේ පානදුර දකුණ, බටුවිට ප්‍රදේශයේදී තවත් වැටලීමක් සිදු කර තිබෙන අතර එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 100 ක්, T-56 ගිනි අවියක් සහ ජීව පතොරම් 30ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු 38 හැවිරිදි, ගෝනපල, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart