ලංකාවේ අධිකරණ ඩිජිටල්කරණය ඇරඹෙයි

 

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබේ. අධිකරණ අමාත්‍යාංශය පවසන්නේ, දූෂණ අවම කිරීම, මහජන විශ්වාසය වර්ධනය කිරීම සහ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු බවයි.

මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව අභියාචනාධිකරණය, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ ඇතුළු සියලු අධිකරණ ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ සමාරම්භක උත්සවය හෙට (සැප්තැම්බර් 12) පස්වරු 1.00ට කොළඹ අලුත්කඩේ විනිසුරු පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙම උත්සවය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart