2026 වසර සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුව ඉදිරිපත් කිරීමට නියමිත අයවැය, සංවර්ධනය ඉලක්ක කරගත් අයවැයක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (සැප්තැම්බර් 9) පැවසීය.
අමාත්‍යවරයා සඳහන් කළේ, රටේ ආර්ථික ස්ථාවරත්වය ජනතාවගේ ජීවිතවලට සෘජුව බලපාන ව්‍යාපෘති රැසක් පිළිබඳව දැනටමත් යෝජනා ලැබී ඇති බවයි. කොවිඩ් වසංගතයට පෙර ආරම්භ කර නතර කර දැමූ ව්‍යාපෘතිවලට අදාළ කාලවකවානු සහ පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කරමින් අමාත්‍යාංශ මගින් මේ වන විට යෝජනා ඉදිරිපත් කර ඇති බව ද ඔහු පැහැදිලි කළේය.
ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සඳහා රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් වෙනුවෙන් කැබ් රථ 2,000ක් මිලදී ගැනීමේ යෝජනාව ද මෙම සංවර්ධන වැඩසටහනේ කොටසක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද 2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය ලැබී ඇති අතර, එය රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.