නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කළ අපහාසාත්මක අදහස් සම්බන්ධයෙන් එන්තරවාසියක් නිකුත් කර තිබේ.
නීතිඥයෙකු මඟින් යොමු කළ එන්තරවාසියේ සඳහන් වන්නේ, 2025 සැප්තැම්බර් 6 වැනිදා හෝ එයට ආසන්න දිනයක හෝමාගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බවයි. එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂගේ ඡායාරූපයක්ද මාධ්‍ය වෙත දැක්වූ බව එන්තරවාසියේ තවදුරටත් පෙන්වා දේ.
මෙම ප්‍රකාශය හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතාට සහ ඔහු නියෝජනය කරන පොදුජන පෙරමුණට එරෙහිව විරෝධතා සංවිධානය වී ඇති බවත්, ඔහුගේ කීර්ති නාමයට දැඩි හානියක් සිදු වී ඇති බවත් එන්තරවාසියේ සඳහන් වෙයි.
ඒ අනුව දින තුනක කාලයක් තුළ ඉහත සඳහන් කළ මාධ්‍ය සාකච්ඡාව ලබාදුන් ආකාරයේම ප්‍රසිද්ධියක් ලබාදෙමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා නාමල් රාජපක්ෂට එරෙහිව සිදුකළ සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව ද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත දැනුම්දී තිබේ.
එසේ නොවන්නේ නම් ලිපියේ සඳහන් දින 14ක් ඇතුළත එකී මුදල තම සේවාදායකයා වන නාමල් රාජපක්ෂ වෙත ගෙවීමට කටයුතු කරන ලෙසත්, එසේ නොවන්නේ නම්, රුපියල් බිලියනයක මුදල ද ඊට අදාළ නෛතික පොලිය ද, නඩු ගාස්තු සහ වෙනත් ආනුශංගික වියදම් ද අයකර ගැනීම උදෙසා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට එරෙහිව නඩු පවරන අදාළ එන්තරවාසියේ සඳහන් වේ.