නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙරට පුරවැසියන්ට කිසිඳු අනතුරක් හෝ ගැටළුවක් සිදු වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද (11) නිවේදනය කරයි.
ආමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නවතම තොරතුරු අනුව, එරට සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 109 ක් වන අතර ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව සිටින බවය.
ඉදිරියේදි අවශ්‍යනම් සහාය ලබාදීමට තානාපති කාර්යාලය සූදානමින් සිටින අතර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ප්‍රජා සාමාජිකයින් කිහිප දෙනෙකු සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය නිරන්තරයෙන් මේ සම්බන්ධව තොරතුරු යාවත්කාලීන කර ගන්නා බවද සඳහන් වේ.