ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (11) පවත්වා තිබේ.
වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ ගමන්මඟ මෙන්ම, ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ කර ගන්නා ආකාරය සහ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳ මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
එහිදී ඉලක්ක සහගත වීම සහ එම ඉලක්ක කරා ළඟා වන පරිදි ප්‍රතිපත්ති පෙළ ගැස්වීම මගින්, මෙරට ආර්ථික වර්ධනයට සහාය වීම, සමාජමය යහ පැවැත්ම සහ පාරිසරික තිරසාරභාවය පෝෂණය කිරීම ආදියෙන් රට සමෘද්ධිමත් අනාගතයක් කරා රැගෙන යාමට දායක වන ලෙසද ජනාධිපතිවරයා පවසා තිබේ.
ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය විසින්, මෙරට ආර්ථිකයට ඔවුන් ලබාදෙන දායකත්වය සහ ඒ සම්බන්ධයෙන් වන දැක්ම, ඉදිරි වැඩසටහන් සහ අයවැය යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.