කොමන්ඩෝ සලින්තගේ ඉල්ලීම මත මල්ලාවි යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධාරියකු විසින් පාතාලයට T-56 ජීව උණ්ඩ තොගයක් මුදලට විකුණා ඇතිබව පොලිස් වාර්තා සඳහන් කරයි.
“වලස් කටා” නමින් ප්‍රසිද්ධ තිළිණ සම්පත් හපුආරච්චි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී, මෙම ගනුදෙනුව පිළිබඳ තොරතුරු අනාවරණයට පත් විය.
ඒ අනුව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රෝහන් ඕලුගලගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාගේ මෙහෙයවීමෙන් අණ දෙන නිලධාරීවරයා ඊයේ (11වැනිදා) බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසය වෙත කැඳවා සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කොමන්ඩෝ සලින්ත නමැත්තා 2015 වසරේදී තමන් යටතේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කළ බවත් ඒ හිතවත්කම මත ඔහුගේ ඉල්ලීම අනුව තමන් ජීව උණ්ඩ 260කට අධික ප්‍රමාණයක් සිය ජීප් රථයෙන් රැගෙන විත් සලින්ත නමැත්තා නම් කරන ලද පුද්ගලයන් දෙදෙනකුට ලබා දුන් බවත් අනාවරණය කළ බව පොලිසිය කියයි.
ඒ වෙනුවෙන් කොමන්ඩෝ සලින්ත නමැත්තා තමන්ගේ බැංකු ගිණුමට අවස්ථා පහකදී රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදලක් බැර කළ බව අණ දෙන නිලධාරීවරයාගෙන් දිගින් දිගට සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
සැකකාර අණදෙන නිලධාරීවරයා ජීව උණ්ඩ තොගේ රැගෙන ආ ජීප් රථයද අත්අඩංගුවට ගැනීමට නියමිතය.