ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරන්නේ, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව සහ සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බවය.
දේශපාලන අධිකාරිය තම බලය රඳවා ගැනීම වෙනුවෙන් පළාත් පාලන ආයතන භාවිත කළ සංස්කෘතිය වත්මන් රජය යටතේ අවසන් කර ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රට සංවර්ධනය කිරීමේ ජාතික සැලැස්මක් කරා ගමන් කිරීම වෙනුවෙන් මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවද පෙන්වාදී තිබේ.
මෙම අදහස් ඔහු ප්‍රකාශ කළේ ඊයේ (11) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී වෙයි. එහිදී, 2025 අයවැය මත ක්‍රියාත්මක ව්‍යාපෘති, 2026 අයවැය සැලසුම්, සහ මධ්‍යම–පළාත් ආයතන අතර මතුවන ගැටලු පිළිබඳව සාකච්ඡා කරන ලදී.
අධ්‍යාපන, සෞඛ්‍ය සහ මහාමාර්ග වැනි ක්ෂේත්‍රවලදී මතුවන ගැටලු සහ විසඳුම් පිළිබඳවද විශේෂ අවධානය යොමු කර ඇති අතර, විදේශ ණය සහ ආධාර යටතේ ලැබෙන ව්‍යාපෘති සඳහා විශාල පරිපාලන වියදම් දරා නව කාර්යාල පිහිටුවීම වෙනුවට, පවතින පරිපාලන ව්‍යුහය තුළ කටයුතු කර ව්‍යාපෘති කාලෝචිතව අවසන් කර ජනතාවට ප්‍රතිලාභ ලබා දිය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.
කෙසේ වෙතත්, පාසල් පද්ධතිය නවීනව සංවිධානය කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර, කලාප මට්ටමින් පාසල් අධ්‍යයනය කර ගුණාත්මක අධ්‍යාපනය ලබා දීමට හොඳම විසඳුම් ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.