කටුනායකදී ලක්ෂ 50ක භාණ්ඩ තොගයක් අත්අඩංගුවට

 

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රුපියල් ලක්ෂ 50ක් වටිනා ජංගම දුරකථන, ටැබ් පරිගණක, රූපලාවණ්‍ය ආලේපන සහ දුම්වැටි තොගයක් රැගෙන ආ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (12) අලුයම ඩුබායි සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනා, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ පිටව යාමට උත්සාහ කර ඇති අවස්ථාවේදී රේගු නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතු වල නිරත වන 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 45 හැවිරිදි කාන්තාවක් බව සඳහන් වේ.

ඔවුන් රැගෙන ආ ගමන් මලු 5ක් තුළ නවීන ජංගම දුරකථන 132ක්, ටැබ් පරිගණක 14ක්, දුම්වැටි සහ ගංජා ඔතන කඩදාසි පෙට්ටි 1,700ක් සහ රූපලාවණ්‍ය ආලේපන තොගයක් තිබී සොයාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රේගු නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart