හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
අරගලකරුවන් විසින් ගිනිතබා විනාශ කරන ලද මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය සඳහා නීතියට පටහැනිව රුපියල් 8,850,000ක වන්දි මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත. මෙම ක්‍රියාව දූෂණ විරෝධී පනත යටතේ ‘දූෂණය’ නැමැති වරදක් බවට අල්ලස් කොමිසම චෝදනා කරයි. එම චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.