ලාදුරු රෝගයෙන් පීඩාවට පත් පුද්ගලයන්ගේ යහපැවැත්ම සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ජපානය තවදුරටත් සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසෝමාටා මහතා පවසයි.
තානාපතිවරයා මේ බව සඳහන් කළේ, ආසියාවේ පැරණිතම ලාදුරු රෝහල වන වත්තල, හැඳල පිහිටි රෝහල නැරඹීමට පැමිණි අවස්ථාවේදීය. එහිදී, දශක ගණනාවක් පුරා ලාදුරු රෝගීන් වෙනුවෙන් කැපවීමෙන් සේවය කරන වෛද්‍යවරුන්ට, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට සහ රෝහලේ කාර්ය මණ්ඩලයට ඔහු සිය ස්තූතිය පිරිනැමීය.
1995 දී ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස ලාදුරු රෝගය තුරන් කිරීමට සමත් වුවද, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝගීන් සඳහා ප්‍රතිකාර, නිරීක්ෂණ සහ අඛණ්ඩ සහාය ලබා දීමට කටයුතු කරයි.
තානාපති ඉසෝමාටා මහතා ලාදුරු රෝගයට අදාළ මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් ක්‍රියාශීලීව කටයුතු කර ඇති අතර, 2008 වසරේදී මානව හිමිකම් කවුන්සිලයේදී ‘ලාදුරු රෝගයෙන් පීඩාවට පත් පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එරෙහි වෙනස්කම් කිරීම් තුරන් කිරීමේ යෝජනාව’ සම්මත කර ගැනීමට ද දායක වී තිබේ.