84 වන අන්තර් පොලිස් මලල ක්‍රීඩා උළෙල ඇරඹේ

 

ශ්‍රී ලංකා පොලිසියේ 84 වන අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙල අද (12) පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

දිවයින පුරා සිටින පොලිස් නිලධාරීන් අතරින් ජාත්‍යන්තර තරඟ සඳහා සුදුසුකම් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම මෙම උළෙලේ ප්‍රධාන අරමුණ බව පොලිසිය සඳහන් කරයි.

මෙහි සමාරම්භක උත්සවය, පොලිස්පතිවරයා විසින් ක්‍රීඩා ප්‍රතිඥාව ලබාදීමෙන් පසුව ආරම්භ විය. එහිදී පොලිස් කොස්තාපල් විජේතුංග (90433) සහ කාන්තා පොලිස් කොස්තාපල් සචිත්‍රා හර්ෂණී (7109) විසින් ක්‍රීඩා ගිනි සිළුව දල්වනු ලැබීය.

දින තුනක් පුරා පැවැත්වෙන මෙම උළෙලේ සමාරම්භක දිනයේදී කාන්තා, පිරිමි මීටර් 200 මූලික වටයේ තරඟ, උස පැනීම, දුර පැනීම සහ කඹ ඇදීම වැනි පිටිය හා ජවන තරඟ ඉසව් පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart