අර්ජුනටත් කෝටි 80ක චෝදනාවක්

රුපියල් මිලියන 800ක අරමුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොහොයුරු ධම්මික රණතුංග යන අය වෙත එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන කඩිනම් කරන ලෙසට, සිවිල් බුද්ධි පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

මෙම ඉල්ලීම සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් එම පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත කියා සිටියේ, මෙම මුදල් අවභාවිතාව සිදු වී ඇත්තේ අර්ජුන රණතුංග ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ සමයේදී බවයි.

එකල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කර ඇත්තේ ධම්මික රණතුංග බවත්, මෙම සහෝදරයන් දෙදෙනාටම චෝදනා එල්ල වී ඇති බවත් ඔහු පැවසීය.

2019 වසරේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කරන ලද පැමිණිල්ල පිළිබඳ විමර්ශනය මේ වන විට අකර්මණ්‍ය වී ඇති බවත්, විමර්ශන කටයුතු මෙලෙස නැවතී තිබීම සැකයට භාජනය විය යුතු බවත් මහවත්ත වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart