රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ආසන්නව අද (13) රික්ටර් මාපක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇතිව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
එම භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අනාවරණය කළ අතර, භූමිකම්පාව පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට කිලෝමීටර් 111.7ක් නැගෙනහිරින් සහ කිලෝමීටර් 39ක් පමණ ගැඹුරින් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.