හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් ලබා දී තිබූ මෝටර් රථය නැවත බාර දී ඇති බව වාර්තා වේ.
ජනාධිපති හිමිකම් පනත යටතේ, විශ්‍රාමික ජනාධිපතිවරයන්ට ලබා දෙන පහසුකම් ඇයටද හිමි වූ අතර, ඇයට රජයෙන් ලබා දී තිබූ නිවස විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත කෙරෙන විටත් යළි බාර දී තිබිණි.