අද පස්වරුවේ මහා වැසි

කාලගුණ දෙපාර්තමේන්තුව අනාවරණය කළේ අද (13) බස්නාහිර හා සබරගමුව පළාත්වලට අමතරව ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය.

තවද නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 1.00න් පසුව තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවද ඇතිවිය හැකි බව දක්වා ඇත.

මුහුදු ප්‍රදේශවලටත් බලපෑමක් ඇති අතර කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් තැනින් තැන වැසි ඇතිවිය හැකි බවද කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුළං නිරිත දෙසින් පැ.කි.මී. 30-40 වේගයෙන් හමා එන අතර, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා ඉහළ යා හැකි බවත් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව තවදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart