වසරේ සහල් සම්බන්ධ වැටලීම් ගණන 3000ට ආසන්නයි

 

මේ වසරේ මේ දක්වා කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

අධිකාරිය සඳහන් කළේ වැඩි මිලට සහල් විකිණීම, තොග සඟවා තැබීම, සහ පාරිභෝජනයට නුසුදුසු සහල් අලෙවිය ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් මෙම වැටලීම් සිදුකර ඇති බවයි.

වැඩි මිලට සහල් අලෙවි කිරීමේ වැරදි සම්බන්ධයෙන් පමණක් වැටලීම් 1,000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති අතර, ඉන් පුද්ගලයන් 900කට අධික පිරිසකට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය පනත යටතේ මෙවැනි වරදක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු වරදකරු වුවහොත් රුපියල් ලක්ෂ 1 සිට 5 දක්වා දඩයක් හෝ මාස 5ක සිර දඬුවමක් හෝ මේ දඬුවම් දෙකම නියම කළ හැකියි. පෞද්ගලික සමාගමක් වරදකරු වුවහොත් රුපියල් ලක්ෂ 5 සිට 50 දක්වා දඩයක් නියම කළ හැකියි.

තොග සඟවා තැබීමේ වරදකට වරදකරු වුවහොත් දඩයක්, සිර දඬුවමක් හෝ දෙකම නියම කිරීමට අමතරව අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමටද අධිකරණයට බලය තිබෙනවා. දෙවන වරටත් එවැනි වරදක් කළහොත් අවම දඩ මුදල මෙන් දෙගුණයක් හෝ වසරක් දක්වා සිර දඬුවමක් නියම කළ හැකි බවද අධිකාරිය පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart