ජනාධිපති ලබන 22 වැනිදා එක්සත් ජාතීන්ගේ සමුළුවට

 

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ලබන 22 වැනිදා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

මෙම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා විවිධ රටවල නායකයින් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඇමරිකානු සංචාරයෙන් අනතුරුව, ජනාධිපතිවරයා ජපාන රජයේ ආරාධනයක් මත රාජ්‍ය සංචාරයක් සඳහා ලබන 26 වැනිදා ජපානය බලා පිටත්ව යනු ඇත. මෙම සංචාරයේදී ඔහු ලබන 27 වැනිදා වර්ල්ඩ් එක්ස්පෝ (World Expo) ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගී වීමට නියමිතය.

ජපාන සංචාරය අතරතුර, එරට ඉහළ පෙළේ නියෝජිතයින් රැසක් සමඟද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart