අද සිට අලුත් වෙන්න පටන් ගන්න පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ වැඩසටහන අද (15) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

රජයේ බස් නැවතුම්පොළවල් 50ක් නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ මෙම මධ්‍යම බස් නැවතුම්පොළ රුපියල් කෝටි 46.5ක වියදමකින් සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කෙරේ. වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වගකීම භාර දී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවටය.

ඒ අනුව නව විවේකාගාර, තොරතුරු මධ්‍යස්ථාන, ආරක්ෂක පද්ධති, නවීන ආසන හා අභ්‍යන්තර මාර්ග ඉදිකිරීම සිදුකෙරේ.

නවීකරණ කටයුතු හේතුවෙන් බස් නැවතුම්පොළ මාස අටක කාලයක් වසාදමන අතර, එම හේතුවෙන් ලංගම බස් ගුණසිංහපුර බෝධිරාජ මාවතේ පිහිටි නව බස් නැවතුම්පොළෙන් ධාවනය කරනු ඇත.

ඊට අදාළ දැන්වීම් පුවරු ද සවිකර ඇති අතර ලබන වසරේ අප්‍රේල් මාසය අවසන් වීමට පෙර පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart