කෙහෙළියගේ නඩුව ඔක්තෝබර් 01 දක්වා කල්යයි

 

රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 01 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (සැප්තැම්බර් 15) නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන කිහිපයක් අල්ලස් කොමිසම විසින් විත්තියට භාර දෙන ලදී.

තවදුරටත් ලේඛන අවශ්‍ය නම්, අද සිට සති දෙකක් ඇතුළත අධිකරණයට දැනුම් දෙන ලෙස එහිදී අධිකරණය විත්ති පාර්ශ්වයට නියෝග කළේය.

2020 අගෝස්තු 13 සිට 2024 ජුනි 24 දක්වා කාලය තුළ, ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යාංශවල කටයුතු කරමින් අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වත්කම් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.

මෙම නඩුව කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා, දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට එරෙහිව ගොනු කර ඇත.

Add to cart