රේගුව විසින් රඳවා ගැනීමෙන් අනතුරුව මේ වනවිට බැංකු ඇපකර මත මුදාහැර තිබෙන BYD වාහනවල මෝටර් ධාරිතාව නිගමනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිතව තිබෙන බව නීතිපතිවරයා විසින් අද අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.
තමන් විසින් ආයනයනය කරන ලද BYD වාහන ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගැනීමට එරෙහිව ‘ජෝන් කීල්ස් සීජී’ සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බව වැඩිදුරටත් සඳහන් කර ඇත.