තරුණ කාන්තා මළ සිරුරක් මහවැලි ගඟේ

පේරාදෙණිය ගැටඹේ නව පාලම අසල මහවැලි ගඟේ දිය කපනාතොට ස්ථානයේ තරුණ කාන්තාවකගේ මළසිරුරක් පාවෙමින් තිබෙන බවට පුද්ගලයෙකු පොලිසියට දැනුම්දී තිබේ.

ඇය පාලම මතට පැමිණ ගඟට පැන තිබේද, නැතහොත් වෙනත් හේතුවක් ඇතිවී තිබේද යන්න පිළිබඳ සැක පවතින අතර, පාලම මත තිබූ බෑගයක්ද පොලීසිය භාරයට ගෙන ඇත.

මෙම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගත නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

 

 

Add to cart