කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා භාරදෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට එරෙහිව රජයේ මුදල් දූෂණ චෝදනා සම්බන්ධයෙන් අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අධිචෝදනා ගොනු කළේය.

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට මෙම චෝදනා එල්ල වී ඇත.

අධිචෝදනා භාර දීමෙන් අනතුරුව මෙම විත්තිකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

ඒ අනුව විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් මේ වනවිට විත්තියේ නීතිඥවරු දැන් කරුණු ඉදිරිපත් කරති.

Add to cart