ඇමරිකාව එක්ක ගැහුව ගිවිසුම හෙලි කරන්න බෑ රාජතාන්ත‍්‍රික ගිවිසුම් එහෙම තමයි

විදේශ රටවල් සමඟ අත්සන් තබන ගිවිසුම් සියල්ල හෙළිදරව් කල නොහැකි බව නිවාස සහ ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි.

රාජ තාන්ත්‍රික භාවය යනු එය බවද පැවසූ ඔහු රාජ තාන්ත‍්‍රික ගිවිසුම් වල ස්වභාවයම එය බවත් පැවසීය.

අපේ රටෙන් ඒවා ප්‍රසිද්ධ නොකරනවා සේම එම රටවලින්ද එම ගිවිසුම් ප්‍රසිද්ධියට පත් නොකරන බවත් හෙතෙම පැවසීය.

ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් විශ්වාසය තබා ගන්නා ලෙසත් රටට එරෙහි කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට තුන් හිතකවත් අදහසක් නැති බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

ඇමෙරිකාව සමග අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් පළ කළේය.

Add to cart