ලලිත් කුගන් අතුරුදන් කිරීම ගැන යාපනය මහේස්ත්‍රාත්ගෙන් ගෝඨාට නියෝගයක්..!

තමන්ට ඇති මරණ තර්ජන හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දීමෙන් පසු, ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් 2026 පෙබරවාරි 6 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම නියෝගය ලබාදී ඇත්තේ වසර 14කට පෙර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (FSP) ක්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් සහ කුගන් වීරරාජු පැහැරගෙන යාම සම්බන්ධයෙන් වන නඩුවකට අදාළවය.

දෙදෙනාම 2011 දෙසැම්බර් 10 වන දින පැහැරගෙන ගොස් ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු සපයන ලද්දේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ  විසිනි. ඔහු අද දින (දෙසැම්බර් 11) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Add to cart