මං කිව්වෙ රංවල කියලා තිබ්බ දේ. තාම එයා සහතිකය ඉදිරිපත් කරලා නෑ..!

තමන්ගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කිසියම් වංචාවක් සිදු කර ඇත්නම්, හිටපු කතානායක අසෝක රංවලට එරෙහිව ජාතික ජන බලවේගය විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තවමත් පක්ෂය විසින් තීරණයක් ගෙන නොමැති බව ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ජාතික ජන බලවේගයට ඡන්දය දුන් සහ නුදුන් මහජනතාව මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන බවත්, ක්‍රියාමාර්ගයක් ගැනීමේ දී මේ සියළු කරුණු සැලකිල්ලට ගන්නා බවත් ය.

මන්ත්‍රී රංවල තමන්ගේ ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කරන බව පක්ෂයට ‘පොරොන්දු වී තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, නමුත් තවමත් ඔහු එය ඉදිරිපත් කර නොමැති බව ද පෙන්වා දුන්නේ ය.

“මම එකපාරක් කැබිනට් මාධ්‍ය හමුවේ දි කිව්වා සහතිකය ඉක්මණින් ඉදිරිපත් කරනවා කියලා. මම කිව්වෙ රංවල පක්ෂයට කියලා තිබ්බ දේ. කොහොම වුනත් එයා තවම ඒක ඉදිරිපත් කරලා නෑ..!”

Add to cart