යුරෝපා අභ්‍යවකාශ තාරකා විද්‍යාඥයෝ විසින් ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වෙමින් පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහයක් සොයාගෙන ඇති බවට වාර්තා වේ.
‘ග්ලීස් 12 බී’ යනුවෙන් යුරෝපා විද්‍යාඥයන් මෙම ග්‍රහලෝකය නම් කර ඇත.
ජීවත් වීමට වඩාත් සුදුසු ග්‍රහයකු බව පැවැසෙන මෙම ග්‍රහයා මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ක් පමණ විය හැකි බව ද තාරතා විද්‍යාඥයන් පවසයි.
මෙම නව ග්‍රහලෝකය ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක් දුරිනි. නව ග්‍රහලෝකය දින 12.8 කට වරක්ම, එම ග්‍රහලෝකය අයත් ග්‍රහ මණ්ඩලයේ තරුවක් වටා කක්ෂගත වන බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1