ප්‍රභල වන වර්ෂාවෙන් ගංවතුර අනතුරු ඇඟවීම් ද ප්‍රභල වේ


ශ්‍රී ලංකාව තුළ ගංවතුර අනතුරු ඇඟවීම් කීපයක්ම දක්වා තිබේ. ඒ අතර අත්තනගල්ල ප්‍රදේශයේ අත්තනගලු ඔය ද්‍රෝණිය හා කළු ගඟෙහි කුඩා ගඟ උපද්‍රොණිය සඳහා නිකුත් කර තිබු ගංවතුර අනතුරු ඇඟවීම පැය 24කින් දීර්ඝ කර තිබෙන බවට වාර්තා වේ.
මෙහිදී වාරි මාර්ග දෙපාර්තුමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ පසුගිය මැයි 20 වන දින නිකුත් කළ ගංවතුර නිවේදනය ඉදිරි පැය 24 දක්වා එනම් හෙට (25) රාත්‍රී 9 දක්වා දීර්ඝ කළ බවයි. මෙම තත්වය තව දුරටත් උඝ්‍ර වන බැවින් ඒ ගැන දැඩි සැලකිල්ලට ගෙන ක්‍රියා කරන ලෙස අදාළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දී ඇත. එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ට ද සැලකිලිමත් වන ලෙස දැනුම් දී ඇති බවට වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart