කෘෂි නවීකරණ වැඩපිළිවෙලෙහි ආරම්භය ලෙස උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම සිදුකරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසා ඇත.
ඉදිරි වසර තුන තුළ නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන යාමට හා නවීන තාක්ෂණය භාවිතයෙන් නිෂ්පාදන වැඩි කර ආදායම් ඉහළ නංවා ගැනීමට ජනතාවට අවස්ථාව උදාකර දීමට මෙම වැඩහනෙන් බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමෙන් රජය සතු දේපල පුද්ගලීකරණය කිරීමක් සිදුවන බවත් එය රටේ ආර්ථිකය වැඩිකර ගැනීමට සෘජුව දායක කර ගත හැකි බව පළමු අදියර යටතේ ඔප්පු ලබා දුන් අවස්ථාවේදී පවසා ඇත.
ඒ අනුව “උරුමය ” වැඩසටහනට සමඟාමීව වවුනියාව හා මන්නාරම දිස්ත්රික්ක වලට සින්නක්කර ඔප්පු 5400ක් ලබාදීමට නියමත බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්රකාශ කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1