රට ගොඩනැඟීමට නම් පැරැණි ආර්ථික ගමන මෙන්ම දේශපාලන ගමන ද වෙනස් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරණමඩු නෙළුම් පියස ශාලාවේ පසුගියදා සංවිධානය කර තිබූ කිළිනොච්චි දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ,
මෙරට විරැකියාව ඇති වුණේ පැරැණි ආර්ථික ක්‍රමය නිසා බවත්, එම නිසා අලුත් ආර්ථික ක්‍රමයක් ඇති කිරීම තුළින් නව රැකියා අවස්ථා බිහි කරගැනිමට හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුර පැවසිය. එමෙන්ම මෙහිදී කිළිනොච්චි දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත සෘජුවම යොමු කිරීමට ද අවස්ථාව සලසා දී තිබුණි.
මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්, තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබද ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේධීර, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අයියාතුරෙයි තවේන්ද්‍රන් යන මහත්ම මහත්මීන්, තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1