ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සමඟි ජනබලවේගයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ සමඟි ජන බලවේගයේ නායකත්වය සම්බන්ධයෙන් ඇති කලකිරීමයි.
පක්ෂය සහ සන්ධානය ගොඩනැගීමට කිසිදු උත්සාහයක් නැති බවත් පක්ෂ නායකයා තම ප්‍රතිරූපය පමණක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරන බවත් එම පක්ෂ විසින් චෝදනා එල්ල කරන බවයි සඳහන් වී ඇත්තෙ.
ඒ අනුව දේශපාලන වශයෙන් තීරණයක් ගැනීමට මෙම පක්ෂ දෙකම තීන්දුවක් ගෙන ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1