විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ගත්තේයැයි කියන බාර් ලයිසන් නැවත රජයට බාර දෙන ලෙස දැනුම් දී තිබුනද මෙතෙක් කිසිවෙකුත් එම බලපත්‍ර රජයට යළි බාර නොමැති බව ආරංචි මාර්ග පවසයි.
බදුල්ල රිදීමාලියද්ද ප්‍රදේශයේ මෑතදී විවෘත කිරීමට මත්පැන් අලෙවිසැල් හයක් සඳහා බලපත්‍ර රජය විසින් ලබා දී ඇති අතර ඉන් එකක් විපක්ෂ මන්ත්‍රීවරයෙකු හරහා ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියාගේ නමට ගෙන ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මේ පිළිබඳ එම ප්‍රදේශයේ නායක හිමිවරු සජිත් ප්‍රේමදාස මහතාට පුද්ගලිකව පැමිණිලි කර ඇත. මැතිවරණ ප්‍රකාශයට පත්වී ඇති කාලයකදී මෙලෙස අලුතෙන් නිකුත් කරන ලද සියලුම මත්පැන් බලපත්‍ර තම රජයක් යටතේ අහෝසි කරන බව හා එම බලපත්‍ර නිකුත් කළ නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk