ඉකුත් අඟහරුවාදා දිනයේ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී චම්පික රණවක මහතා සහ පොහොට්ටුවේ ප්රබලයින් අතර හමුවක් සිදුවූ බව Lanka C News වාර්තා කරයි.
ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්රමසිංහ මහතාට ද සහාය ලබාදීමට චම්පික රණවක මහතා සූදානමින් සිටින බව එම වෙබ් අඩවිය සඳහන් කර ඇත.
ඒ අනුව පොහොට්ටුවේ ප්රබලයින් සමඟ පෙර කී හමුව සිදුව ඇත්තේ රනිල් වික්රමසිංහ මහතා සමග එක්ව කටයුතු කිරීමේදී ඇතිවන ප්රතිවිරෝධතා සමනය කර ගැනීම අරමුණු කරගෙන බවද සඳහන්ය.
සෘජුවම රනිල් වික්රමසිංහ සමග සම්බන්ධ නොවී නිමල් ලන්සා ඇතුළු පිරිසක් විසින් ගොඩනගා ඇති නව සන්ධානය සමග එක්වෙමින් පාඨලි චම්පික, රනිල් වික්රමසිංහ වටා ගොඩ නැගෙන පිලට එකතු වෙනු ඇති බවද තවදුරටත් සඳහන් කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1