පක්ෂයේ විධායක සභාව හෝ කෘත්‍යාධිකාරි මණ්ඩලය සමඟ සාකච්ඡා නොකොට තම ආණ්ඩුවක් යටතේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනෙක කිලිනොච්චිය ප්‍රදේශයේදී පවසා ඇත. මෙම ප්‍රකාශය හේතුවෙන් එම පක්ෂය තුළ බරපතල ගැටුමක් ආරම්භ වී ඇති බව සහ මේ පිළිබඳව ජේෂ්ඨයන් පිරිසක් සාකච්ඡා කිරීමට ද සූදානම් බව සඳහන් වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1