අනුරාධපුර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථය ඉලක්ක කරගෙන ඉකුත් අවුරුද්දේ දෙසැම්බර් මස 17 වෙනිදා කරන ලද වෙඩි ප්‍රහාරය ඔහු විසින්ම සැලසුම් කරන ලද්දක් බව මේ වනවිට හෙළි වී ඇත.ඒ අනූව මෙම ප්‍රහාරයට මන්ත්‍රීවරයා සහ එම ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ද සම්බන්ධ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කර ඇත්තේ.මේ වන විට උද්ධික ප්‍රේමරත්න සහ සිදුවීමට සම්බන්ධ පොලිස් අධිකාරිවරයා රටින් පිටව ගොස් ඇති බවද වෙනත් පොලිස් නිලධාරියෙකු අත ඔහුගේ ගිනි අවිය පොලිසියට ආපසු භාරදී ඇති බවද සඳහන් ය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1