T20 ලෝක කුසලාන තරගයේ මුල්වටයෙන්ම ඉවත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) කටුනායක ගුවන් තොටුපොළින් නැවත මෙරටට පැමිණ තිබේ.ඒ මුදල් ගෙවා පහසුකම් සළසා ගත යුතු ” සිල්ක් රූට් ” පර්යන්තය ඔස්සේ බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කලේ.
එහිදී ” සිල්ක් රූට් ” පර්යන්තයේ පහසුකම් සදහා එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 50 ක මුදලක් අය කරන අතර එම මුදල් ගෙවා මෙම පහසුකම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග ප්‍රකාශ කර සිටියේ, ඔවුන් වශයෙන් ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරිහැටි ක්‍රීඩා නොකළ නිසා මේ තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ බවත් පිතිකරණය , පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොදින් සිදු නොවූ බැවින් ඒ සම්බන්ධයෙන් කණගාටුව පලකරන බවත් ය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk