චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් ඊයේ (24) අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එහිදී ලේඛක සහ දේශක උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව කඳාන පොලිසිය කෙටුම්පත් කළ චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන චෝදනාවන්ගෙන් සන්නස්ගල මුදාහැරීමට නියෝග කර ඇත.
එහිදී උපුල් ශාන්ත සන්නස්ගල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න ඒ අවස්ථාවේදී කරුණු දක්වමින් ‘මාර්ගගත ක්‍රමය’ ඔස්සේ පැමිණිලිකරුට ගෙවා ඇතැයි කියමින් එලෙස ගෙවු රිසිට් පත් අධිකරණයට ඉදිරිපත් කළේය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi