2023 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලයීය Blue Charter Project incubator ආයතනය විසින් කඩොලාන සංරක්ෂණය වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් ලබා දීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රට වලින් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනා 2 ක් එම ආයතනය විසින් තෝරාගෙන තිබේ.මෙහිදී ශ්‍රී ලංකාවේ කඩොලානයන්හි මූලික කාබන් නියැදිය ගණනය කිරීමේ ව්‍යාපෘතිය සහ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේදී මුල් සංක්‍රමණිකයන් පිළිබඳව අධ්‍යයනය කිරීම සහ සැටලයිට් හා ඩ්‍රෝන තාක්ෂණය ආධාරයෙන් කඩොලාන සහ මුහුදු තෘණ අතරමැදි කලාපය සිතියම්ගත කිරීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රදානයන් ලබා දීමට එම ආතනය විසින් තීරණය කර තිබේ. මෙලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය ආයතනයකින් ලබා දෙන මුල්‍ය ප්‍රදානයන් මඟින් කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi