බදු වැඩි කිරීම නිසා ගිණිගත් පාර්ලිමේන්තුව

කෙන්යාවේ රජය විසින් ජනතාව මත නව බදු යෝජනාවලියක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එහි ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට ගිනි තබා විනාශ කර ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කර ඇත.විරෝධතාකරුවන් වීදි බැස උද්ඝෝෂණය සිදුකරමින් පැමිණ පාර්ලිමේන්තුවට කඩාවැදී ඇති බව සහ පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල් වී එම පරිශ්‍රයේ කොටසක් ගිනි තබා ඇති බව ද සඳහන් වේ. මෙම තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ සහ පොලිසියද පැමිණ ඇති බව ද වාර්තා වේ. දින ගණනාවක් තිස්සේ බදු වැඩි කිරීම සහ මූල්‍ය පනත් කෙටුම්පතකට එරෙහිව මෙම විරෝධතාවය ක්‍රියාත්මක වන බව ද සඳහන් වන අතර ඊයේ දින එරට ජනාධිපති ලියම් රූටෝ හදිසි තත්ත්වයක් නම් කරමින් පවසා ඇත්තේ රටේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් භයානක අපරාධකරුවන් විසින් දරන ඕනෑම උත්සාහයක් ව්‍යාර්ථ කිරීමට අවශ්‍ය හැකි ඕනෑම ප්‍රයත්නයක් දරන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංශෝධිත පනත් කෙටුම්පත් සම්මත කිරීම සමඟ මෙම තත්ත්වය එළඹ ඇති බවත් එහිදී විරෝධතාකරුවන් විසින් සෙංකෝලය ද සොරකම් කරගෙන ගොස් ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart