අභියෝග තේරුම් අරන් ප්‍රායෝගික විසදුම් ලබා දුන් කතාව ඇත්තක්ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (26) පවසා සිටියේ මේ අවස්ථාවේදී රටේ ජනතාව තීරණය කළයුත්තේ රට මුහුණදී ඇති අභියෝගය සැබෑ ලෙසම තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ තමන් සමඟ එක්වී රට ඉදිරියට ගෙනයනවාද? එසේ නැතිනම්, තවමත් ප්‍රශ්නය තේරුම් ගෙන නැති, අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමඟ එක් වෙනවාද යන්න බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අවසන් එකඟත්වයට පැමිණීම රටට ආදරය කරන සියලු දෙනාට සුබ ආරංචියක් බවද එතුමා පැවසීය.
ණය ගෙවීමට වසර දෙකක සහන කාලයක් ලැබීම හා රටේ තව තවත් ණය බර වැඩි වීම මෙන්ම තවමත් ණය ගෙවීමට පටන් නෙ‍ාගැනීම යන හේතු කාරනා නිසාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන අයුරින් රට මුහුණදී ඇති අභියෝගය සැබෑ ලෙසම තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ඇත්ද යන්න දේශපාලන විචාරකයන් විසින් ප්‍රශ්න කරයි.
එමෙන්ම දිනෙන් දින අළුත් වන බදු පනත් මගින් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන අතර ඉදිරියට කුමන ආකාරයේ බදු බරක් ජනතාවගේ කරපිටට වැටෙයිද සිතා ගත නොහැති බවත් ජනතාව බදු බරින් ඕනෑවටත් වඩා දැනටමත් පීඩා විිදින බවත් පවසමින් ආරංචිය සුභ නොවන බවට දේශපාලන විචාරකයන් විසින් විවිධ මත පළ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart