බොලිවියාවේ රජය පෙරළාදමා හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමට එරට හමුදා ජෙනරාල්වරයෙක් ගත් උත්සාහය ව්‍යාර්ථ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි, මෙම කුමන්ත්‍රණයේ ප්‍රධානියා ලෙස හඳුනාගත් ජෙනරාල් Juan José Zúñiga ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත, කුමන්ත්‍රණයට නායකත්වය දුන් ජෙනරාල්වරයා පවසා තිබුණේ එරට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිව්‍යුහගත කිරීම ඔහුගේ උත්සාහය බවයි. නමුත් ජනාධිපති ලුවී ආර්ස් පවසා ඇත්තේ මෙය සිය රට අස්ථායි කිරීමට ඔවුන් ගන්නා උත්සාහයක් බවයි එමෙන්ම ක්‍රමන්ත්‍රණකරුවන්ගේ ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi