ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ණය හිමි පාර්ශව සමඟ ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ අප රට ආර්ථික අර්බුධය අවසන්කර බංකොලොත් බවින් මිඳුණු බවට තහවුරු වූ බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ උඩුගම්පළ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි ප්‍රකාශ කර ඇත.
ඒ වගේම එම මහතා ප්‍රකාශ කර ඇත්තේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමි පාර්ශව එකඟකරවා ගැනීමට හැකියාව ලැබීම අප රට ලැබූ විශාලතම ජයග්‍රහණයක් බවයි.
වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, නැවතත් අවශ්‍යතාවය අනුව ජාත්‍යන්තරයෙන් ණය ලබාගන්න හැකියාව ලැබෙන බවත් මෙතෙක් අතරමඟ නතරව තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට මෙන්ම අලුතින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්නත් අවස්ථාව ලැබෙන බවත් ය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
WhatsApp link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi